Hutch වෙතින් Midnight Packs
Sunday, July 29, 2012
Game Booster 3.5v Beta ගේම් ගහන්නම කියල හැදුව Software එකක්.
අද මම එළකිරි idea එක විදිහට ෙදෙන්නෙ පරිගණක ක්‍රීඩා ෙවේගවත් කරන්නම හැදුව software එකක් පිළිබදවයි.
මේ Software එකෙන් කෙරෙන්නෙ game එක Open කරාට පසුව Game එකට බාහිරින් ක්‍රියාත්ම වන වැඩසටහන් සියල්ල නතර කර ඔබේ Game එක සදහා වඩා වැඩි වේගයක් ලබා දීමයි.
මෙහිදී කලින් ඔබ පරිගණකයේ තත්වය සහ Game Booster මගින් වේගය වැඩි කළ ප්‍රමාණය වෙන් වෙන් වශෙයන් පෙන්නුම් කරයි.
එමගින් ඔෙබ් ක්‍රීඩාව වේගවත් වනවා මෙන්ම Laptop පරිගණකයක් නම් එම අවස්ථාවේ සිදුවන අනවශ්‍ය රත්වීම් වැනි දේ සදහා බලපාන අනෙකුත් වැඩසටහන් වලට Ram වලින් ලබා ගන්නා MB ප්‍රමාණය අවම කිරීමයි.
(උදා. Windows හි Theme එක Basic තත්වයට පත්වීම මගින් එයට ලබා ගන්නා Ram ප්‍රමාණය මෙන්ම VGA මගින් ලබා ගන්නා MB ප්‍රමාණයද අඩු කර දෙයි)
Friday, July 27, 2012
Local Area Network (LAN) එකක් හදාගන්නෙ කොහොමද? ඒකෙන් ෆයිල් Share කරන්නෙ කොහොමද?
මේ තමයි මගේ පළවෙනි බ්ලොග් ලිපිය...
මුලින්ම ඔයාලට ගොඩක් ඕන කරන Network සම්නබන්ධ ලිපියක් මම ඉදිරිපත් කරනව. ඒ කියන්නෙ පරිගණක දෙකක් අතර
Local Area Network (LAN) එකක් හදාගන්නෙ කොහොමද කියල.
ගොඩක් අයට එන ප‍්‍රශ්නයක් තමයි මේ නෙට්වර්ක් එක හදාගත්තත් ඒකෙන් ෆයිල් ෂෙයාර් කරන්නෙ කොහොමද කියල. මොනතරම් ෆයිල් ෂෙයාර් කරත් Network එක Open කරන කොට Administrator Permission ඉල්ලනව. මටත් මේ ප‍්‍රශ්නෙ ඇවිල්ල ගොඩක් අමාරුවෙන් තමයි ඒක හොයාගත්තෙ.
මුලින්ම ඔයාලට Network Cable එකක් හොයාගන්න වෙනවා. ඊට පස්සෙ පරිගණක දෙකේම Control Panel වලට ගිහිල්ල එහි තියෙන Network and Sharing Center අයිකනය Double Click කරල එහි එන ඩයලොග් බොක්ස් එකේ වම් පැත්තේ ඉහළට වෙන්න තියෙන Change Adapter Setting උඩ Click කරන්න.
ඉන්පසුව එන ඩයලොග් බොක්ස් එකේ තියෙන්නෙ ඔයාලගෙ Network Connection වලින්
Local Area Network අයිකනය Right Click කරන්න. එවිට පැමිණෙන Menu එකෙන් Properties තෝරන්න. එවිට Local Area Connection Properties ඩයලොග් බොක්ස් එකේ ටිකක් පහතට වෙන්න තියෙන
Internet Protocol Version 4 (TCP/IPv4) උඩ ක්ලික් කරල එහි Properties Button එක උඩ ක්ලික් කරන්න.
එවිට එන ඩයලොග් බොක්ස් එකේ Use the following IP Address එක සඳහා 192. 168. 1. 1 ලෙස එක් පරිගණකයකටත් දෙවන පරිගණකයට 192. 168. 1. 2 ලෙසද ලබා දෙන්න. එසේ ලබා දෙන්නේ පරිගණක දෙකේ IP Address වෙන්වෙන්ව හඳුනාගැනීම සඳහාය. ඉන්පසුව Subnet Mask එක සඳහා ස්වයංක‍්‍රීයව ගන්නා එක තිබෙන්නට හරින්න. (255. 255. 255. 0)
ඉන්පසුව නැවත ඔබ ඩයලොග් බොක්ස් එක වෙත ගොස් එහි වම්පස මෙනුවේ ඇති Change advanced sharing setting තෝරන්න. එවිට පැමිණෙන වින්ඩෝවෙන් Public මෙනුව තෝරා එහි ඇති පහත දැක්වෙන දේ සිලෙක්ට් කරන්න.
- Network discovery - turn on
- Public folder sharing - turn on
- Password protecting sharing - turn off
ඉන්පසු ඔබගේ පරිගණක දෙකම Restart කරන්න.
ඉන්පසු ඔබ අවශ්‍ය Folder සිලෙක්ට් කර එහි Properties ෙගොස් sharing tab එක ෙතෝරන්න. එහි පහල තිබෙන share button එක උඩ click කරන්න.
එම dialog box එකේ හිස් ෙකොටුවෙහි තිබෙන drop down මෙනුවෙන් Everyone ෙතෝරා add click කරන්න.පසුව Permission Level එක Read/Write ලෙස වෙනස් කරන්න.
දැන් ඔබ අනෙක් පරිගණකෙයන් එම share කරන ලද folder යෙහි තිබෙන files copy හෝ past කරගත හැකිය.
(සැ.යු. ඔබ අනෙක් පරිගණකයට අැතුළු වන විට User Name සහ Password ඉල්ලන්නේනම්, අැතුළු වීමට උත්සාහ ගන්නා පරිගණකයේ User Name සහ Password ලබා දෙන්න.)
නැවත එළකිරි idea සමග Multimonitor පරිගණකයක් ලෙස ඔබගේ පරිගණකය සකස් කරගන්නා අාකාරය පිළිබදව ලිපියක් සමග ළගදීම හමුවෙමු....
Subscribe to:
Comments (Atom)






